එතෙරව පැවතීම


මට ඔබ,

සොය සොයා නොබලන - නොසොයාම නොමබලන
සිත සිතා නොසිටින - නොසිතාම නොමසිටින
සුසුමකි - සුසුම් පොදියකි

- මට ඔබ

මග බලා නොවෙහෙසෙන - හැමදාම මග බලන
දුර ඉදන් හිස සිඹින - කිසිදාක ලංනොවෙන
පැතුමකි - පැතුම් කන්දකි

- මට ඔබ

ජීවිතේ යම් කලෙක - යළි යළිත් මුණගැහෙන
නෙතු අගින් හැමවිටම - රසම දේ මට කියන
කවියකි - කවි සිතකි

- මට ඔබ 

Comments

Popular posts from this blog

අනිමිස ලෝචනය - කෘතගුණ සැළකීම - “නියතයි ලබනු නියත විවරණ“ !

අදරැති දියණි දෙටු . . .

“ මරණය තේරුම් නොගෙන, ජීවිතය තේරුම් ගත නොහැකිය - 1 ”