Posts

Showing posts from February, 2021

එතෙරව පැවතීම

Image
මට ඔබ, සොය සොයා නොබලන - නොසොයාම නොමබලන සිත සිතා නොසිටින - නොසිතාම නොමසිටින සුසුමකි - සුසුම් පොදියකි - මට ඔබ මග බලා නොවෙහෙසෙන - හැමදාම මග බලන දුර ඉදන් හිස සිඹින - කිසිදාක ලංනොවෙන පැතුමකි - පැතුම් කන්දකි - මට ඔබ ජීවිතේ යම් කලෙක - යළි යළිත් මුණගැහෙන නෙතු අගින් හැමවිටම - රසම දේ මට කියන කවියකි - කවි සිතකි - මට ඔබ