සංසාර බන්ධන
මග මග දිටි එ රන් තුනුවග . . . නඳ නද වෙණ නද පරදන මිණි කිංකිණි හඬය මද මද නැඟෙන මදහස මන සනහන සනහසය සිඳ බිඳ ඔද තෙද මදමත වඩවන ඇගෙ නෙතු මඬල මග මග දිටි එ රන් තුනුවග සසරෙහි බැඳි සිවුමැලි සවිය නඳ - සතුට නද - නාදය , හඬ මද මද - ටිකෙන් ටික , ක්රම ක්රමයෙන් මදහස - මද සිනහව , මන්දස්මිතය මන - මනස සනහන - සනසන සනහස - සෙනෙහස , ආදරය මදමත - ලාලස , මහත් වූ ආශාව , ශෘංගාරය , අනුරාගය , රාගය , කාමාසක්ත බව මග මග දිටි - ජීවන මග අතර මගදි මුණගැහුනු , ජීවිතය අතරමගදි ...