අගේ නොකර එක බැල්මක් හෙලන් නෙතින් . . .
දැන් වෙලාව පෙ.ව. 1.24 යි , ඊයෙ ගියා පරණ පුරුදු තැනට පොඩි තෑග්ගකුත් අරන්, ටිකිරි මැණිකෙට. එයාව බලන්නත් එක්ක . බලන්න උත්සාහ කළා. 2.30 ඉඳලා 4.00 විතර වෙනකම්ම, ඒත් එහෙදි දැක්කේ නැහැ. ඉන්න බව නම් ආරංචි උනා. කළු බෝලයාව Station එකට ඇරලවලා ආපහු ආවා. ඉවසන්න බැරිම තැන. බලාගන්නම ඕනෙ නිසා. ටිකිරි මැණිකෙව . . මගේ හිත කිව්වා, ටිකිරි මැණිකෙ මඟ එනවාමයි කියලා. ඒ වගෙම ; එයාව හමුවුනා පාරෙදි. දැක්කා තමයි , එක පාරක් නෙමෙයි දෙතුන් පාරක්ම, ඒත් බැලුවෙවත් නෑ. මට මෙහෙම හිතුනා ' අගේ නොකර එක බැල්මක් හෙලන් නෙතින්' කියලා. එහෙම එක පාරක් හරි බලයි කියලා මම ගියා ලඟින්ම වගේ, Station එකේ කොරිඩෝව දිගේ, එතැනින් පඩිපෙළ ලඟට, ඊට පස්සේ පඩිපෙළින් පහලට, අන්තිමට කෝච්චිය ලඟටත්: මේ වෙද්දි තවත් දෙයක් වෙලා, ඒ කියන්නේ මේ පද ටිකත් එකතුවෙලා හිත ඇතුලෙම , මෙහෙම මේ විදියට ; නිතර නිතර එක්වන මහ සංසාරෙට වරින් වරින් නිමා කරන සංදේශ දුටුවෙම් මං ඔබේ නෙතින් පෙමාතුර හැඟුම් අතරින් හෙමින් හෙමින් අගේ නොකර එක බැල්මක් හෙලන් නෙතින් මෙතේ වඩන නෙතු කැල්මක් ...