අගේ නොකර එක බැල්මක් හෙලන් නෙතින් . . .
දැන් වෙලාව පෙ.ව. 1.24 යි, ඊයෙ ගියා පරණ පුරුදු තැනට පොඩි තෑග්ගකුත් අරන්, ටිකිරි මැණිකෙට. එයාව බලන්නත් එක්ක. බලන්න උත්සාහ කළා. 2.30 ඉඳලා 4.00 විතර වෙනකම්ම, ඒත් එහෙදි දැක්කේ නැහැ. ඉන්න බව නම් ආරංචි උනා.
කළු බෝලයාව Station එකට ඇරලවලා ආපහු ආවා. ඉවසන්න බැරිම තැන. බලාගන්නම ඕනෙ නිසා. ටිකිරි මැණිකෙව . . මගේ හිත කිව්වා, ටිකිරි මැණිකෙ මඟ එනවාමයි කියලා. ඒ වගෙම ;
එයාව හමුවුනා පාරෙදි. දැක්කා තමයි, එක පාරක් නෙමෙයි දෙතුන් පාරක්ම, ඒත් බැලුවෙවත් නෑ. මට මෙහෙම හිතුනා 'අගේ නොකර එක බැල්මක් හෙලන් නෙතින්' කියලා. එහෙම එක පාරක් හරි බලයි කියලා මම ගියා ලඟින්ම වගේ, Station එකේ කොරිඩෝව දිගේ, එතැනින් පඩිපෙළ ලඟට, ඊට පස්සේ පඩිපෙළින් පහලට, අන්තිමට කෝච්චිය ලඟටත්: මේ වෙද්දි තවත් දෙයක් වෙලා, ඒ කියන්නේ මේ පද ටිකත් එකතුවෙලා හිත ඇතුලෙම , මෙහෙම මේ විදියට ;
මහ සංසාරෙට වරින් වරින්
නිමා කරන සංදේශ
දුටුවෙම් මං ඔබේ නෙතින්
පෙමාතුර හැඟුම් අතරින්
හෙමින් හෙමින්
අගේ නොකර එක බැල්මක්
හෙලන් නෙතින්
මෙතේ වඩන නෙතු කැල්මක්
ම’පින් බලෙන්
මරු කතරට දිය ගඟුලකි
ඔබේ නෙතින්
පෙමාතුර හැඟුම් අතරින්
හෙමින් හෙමින්
අගේ නොකර එක බැල්මක්
හෙලන් නෙතින්
හිතේ තියෙන සංවේගය
ඔබේ නමින්
නිමා කරන හසරැල්ලක්
පතමි නිතින්
පෙමාතුර හැඟුම් අතරින්
හෙමින් හෙමින්
අගේ නොකර එක බැල්මක්
හෙලන් නෙතින්
එක කාලයක, එකමත් එක දවසක ගෑනු ළමයෙක්, එයාගෙ දෑස් වලින් මොනවද ඉල්ලන්නෙ කියලා එයාට ආදරය කරන කෙනාගෙන් අහන ගීතයකුත් තියෙනවා හැමදෙනාම වගේ දන්න;
When will it comes
a warm dew drop of tear
for me from . . .
her enigmatic but elegant eyes ?
කෙදිනක නම් නැගෙයිද
උදා තුසර පිණි කඳුළක්
කැසබෑවා වෙනුවෙන්ම
ටිකිරි මැණිකෙගෙ එ
තේරුම් ගන්න බැරි මුත්
සසොබන දෑස් අගින් . . .
සසොබන දෑස් අගින් . . .
හපෝ හෙට යන්නත් එපැයි වහල් වැඩට . .
Comments
Post a Comment