ප්රේමය
මා සිහිල් පළිඟු දිය - සෙනෙහෙ උල්පත වෙතට . . . පිය නඟන් මා ප්රියය විහඟ ගී මං සළකුණු අසා සොයා අක්මුල්, වන-වදුලු පිළිවිස නැවුම් නොකිළිටි මා සිහිල් පළිඟු දිය සෙනෙහෙ උල්පත වෙතට වනපෙතින් වටකර ලොව වෙතින් හංඟා දිවි ඇති තෙක් එකලෙසටම සුරකින මා සතු සම්පත මුදු දෙපා රළු-පර මතින් වුව නොවැටී නොගැටී නොතැවී පරෙස්සමින් හොඳ සිහියෙන් ඉසිඹු ගෙන සෙමින් එන්න නොපෙනෙතත් ඇති ගැඹුර මෙයයි මා සෙනෙහස අසංවරව මහ හඩින් ඔබට පුද දුන් එදින බලන් දෙනෙත් හැර කෙතරම් අපූරුද එය කෙතරම් සුන්දරද එය කෙතරම් පිවිතුරුද එය එහෙත් ඒ අපූරුව සෞන්දර්යය හා හැඩය නැවුම් පෙණ පිඬු පුසුඹ ඔබට දෙවෙනිය මැණික මඳක් නවතින්න මඟ සිතත් ලංකර ගන්න සවන්පත් යුග වැටෙන ඒ හඩට කන්දෙන්න දන්නවද ඔබ - මා ප්රිය ටිකිරි මැණික දැන් දැන් ඇහෙන බව දැඩිව මා ඔබට පෙම් කරනා එ‘හඬ