Posts

Showing posts from October, 2018

ටිකිරි මැණිකේ වෙත ආදරයෙන් ලියමි, ( ii කොටස )

ටිකිරි මැණිකේ වෙත ආදරයෙන් ලියමි , (  ii  කොටස ) අද හෙටම නැතිනම් තව ටික දවසකින් කවමදාක හරි හුස්ම වැටෙන්නෙ නැතිව ගියාම හදවත නැවතුනා කියලා ආරංචි උනාම හිතුනොත් මාව බලන්න එන්න  අවසන් වරට , එක මොහොතකටවත් ඇවිත් සුසුමක් ආවොත් නිහඬවම  හෙලන්න සුසුමේ උණුසුම දැනුනොත් කවුරුන් හෝ අසාවි ඇයි හූල්ලන්නේ කියලා මෙතරම් තදින්  කියන්න එවිට මේ නිහඬව ඉන්න මිනිසා මගෙත් එක්ක අත්‍යන්ත බැඳීමකින් උන්නා කියා  https://www.youtube.com/watch?v=WiZTKYOoJf4 මම සෙමෙන් සෙමෙන් එමී . . නිසංසලේ . . . ( භව සසර අතරමග සිටියෙම් , ඔබ ලබන උරුම හැම සතුවෙම්) හැම දෙයක් පෙනේ එක දෙයක් වගේ මම විඳිම් සෙනේ මහ මෙරක් වගේ ... ඔබ යමින් නතර උව ගුවන් තලේ මම සෙමෙන් සෙමෙන් එමී නිසංසලේ . . . මල් පිපෙන මහ කැලය මනරම් වැසි වැටෙන වැලි කතර සුපසන් තරු ගිලින කළු කුහර වුව පිරිනමයි මිතුදම් පිරිනමයි මිතුදම් හැම දෙයක් පෙනේ එක දෙයක් වගේ මම විඳිම් සෙනේ මහ මෙරක් වගේ ... ඔබ යමින් නතර උව ගුවන් තලේ මම සෙමෙන් සෙමෙන් එමී නිසංසලේ . . . භව සසර අතරමග සිටියෙම් ඔබ...

ටිකිරි මැණිකේ වෙත ආදරයෙන් ලියමි, ( i කොටස )

ටිකිරි මැණිකේ වෙත ආදරයෙන් ලියමි , (  i  කොටස ) කළුබෝලයා ගාලු ගියේ නෑ කැසඹෑවා දියඹට ගියා දැන් දියඹෙ , හරිම පාළුයි . . සුපුරුදු දියඹ , සුපුරුදු පාළුව ඒ එකම කැසබෑ සිහිනයෙන් මිදුනා කියලද හිතන්නේ  ? නැහැ, ඒ සිහිනයේ තව තවත් ගැඹුරටම ගිලුනා පතුලක් දකින්න නෑ දියඹෙදි වගෙමයි දියඹෙ දිය ගැඹුරුයි , අඳුරුයි තුෂ්ණීම්භූතයි ඒ වගෙම   මහ ගුප්තයි මට හරි බයයි , මයෙ ටිකිරි මැණිකේ . . ඉර එළිය පෙනෙන්නෙත් බොහොම ඈතින් ඒත් කලාතුරකින් හරියටම ටිකිරි මැණිකේ ඈතින් ඉඳන් මගෙ දිහා හොරෙන් බැලුවාම වගෙයි ( නෑ ඔයා එහෙම බලනවා මම දැකලා නැහැ. එහෙම කියන්නම්. නැතිනම් මයෙ ටිකිරි මැණිකෙට ලජ්ජා හිතෙයි) කැසඹෑවට මුණගැසුනේ නැහැ වලාකුළක් කළණ මිතු දමෙන් බැඳි සුපසන් සොබමත් වලාකුළක් කාලිදාසට වගේ පණිවිඩයක් යවන්න මේඝදූතයක් ලියන්න ශෝකය ප්‍රහර්ෂයට නඟන්න යළි යළිත් ඒ ගැන උදන් අනන්න ඒත් එහෙමයි කියලා කොහොමද ? පටන් ගත්තා   මේ Blog  එක  Turtle’s trodden -  කැසබෑ වත,     https://turtlestrodden.blogspot.com මොනවා කොහොම සිද්ධ උන...