ටිකිරි මැණිකේ වෙත ආදරයෙන් ලියමි, ( ii කොටස )

ටිකිරි මැණිකේ වෙත ආදරයෙන් ලියමි, ( ii කොටස )

අද හෙටම
නැතිනම් තව ටික දවසකින්
කවමදාක හරි
හුස්ම වැටෙන්නෙ නැතිව ගියාම
හදවත නැවතුනා කියලා ආරංචි උනාම

හිතුනොත් මාව බලන්න එන්න 
අවසන් වරට, එක මොහොතකටවත්
ඇවිත් සුසුමක් ආවොත්
නිහඬවම හෙලන්න

සුසුමේ උණුසුම දැනුනොත්
කවුරුන් හෝ අසාවි
ඇයි හූල්ලන්නේ කියලා
මෙතරම් තදින් 

කියන්න එවිට
මේ නිහඬව ඉන්න මිනිසා
මගෙත් එක්ක

අත්‍යන්ත බැඳීමකින් උන්නා කියා 




මම සෙමෙන් සෙමෙන් එමී . . නිසංසලේ . . .
(භව සසර අතරමග සිටියෙම්, ඔබ ලබන උරුම හැම සතුවෙම්)


හැම දෙයක් පෙනේ එක දෙයක් වගේ
මම විඳිම් සෙනේ මහ මෙරක් වගේ ...
ඔබ යමින් නතර උව ගුවන් තලේ
මම සෙමෙන් සෙමෙන් එමී
නිසංසලේ . . .

මල් පිපෙන මහ කැලය මනරම්
වැසි වැටෙන වැලි කතර සුපසන්
තරු ගිලින කළු කුහර වුව
පිරිනමයි මිතුදම්
පිරිනමයි මිතුදම්

හැම දෙයක් පෙනේ එක දෙයක් වගේ
මම විඳිම් සෙනේ මහ මෙරක් වගේ ...
ඔබ යමින් නතර උව ගුවන් තලේ
මම සෙමෙන් සෙමෙන් එමී
නිසංසලේ . . .

භව සසර අතරමග සිටියෙම්
ඔබ ලබන උරුම හැම සතුවෙම්
රළු සරින් පැමිණියද
ඔබම වේ මට සැනසුම්
මට සැනසුම්

හැම දෙයක් පෙනේ එක දෙයක් වගේ
මම විඳිම් සෙනේ මහ මෙරක් වගේ ...
ඔබ යමින් නතර උව ගුවන් තලේ
මම සෙමෙන් සෙමෙන් එමී
නිසංසලේ . . .

Comments

Popular posts from this blog

අනිමිස ලෝචනය - කෘතගුණ සැළකීම - “නියතයි ලබනු නියත විවරණ“ !

අදරැති දියණි දෙටු . . .

“ මරණය තේරුම් නොගෙන, ජීවිතය තේරුම් ගත නොහැකිය - 1 ”