අදරැති දියණි දෙටු . . .
ඒ ඇස් එහෙමමයි
සිනා මල් මුව මඬල
සුහුඹුල් අත් පා
අකටු වකුටු
මුදු මුහුළස
ආයෙ ඇරපු අතක් නෑ
ලොකු දෝණි
ඔයා
වගෙමයි
දුව දැන් ලොකුයි. මේ පොත
ඇයටයි. සරළ ඉංග්රීසියෙන් ඇති මෙය ඇයට කියවන්න දෙන්න. එයට උදව් කරන්න. PDF පිටපත මෙතැනින් අරගන්න.
“යේ සුප්ප යුත්තා මනසා දල්හේන
නික්කාමිනෝ ගොතම සාසනම්හි” - රතන සූත්රය
- යමෙක් ඉතා දැඩි ලෙස මනාව බැඳුනු
මනස
අත්හැරීම (නෙක්කම්ම) ගෞතම ශාසනයයි
-
සියළු දෘෂ්ටි ප්රහාණයෙන් ලත් අචින්තෙය්ය වූ නිර්වාණාවබෝධය හේතුවෙන්, අපරිමිත සැහැල්ලුවෙන් යුතුව ඒ මහාර්ඝ වූ සන්තෘෂ්ටියේ දිගු පියාපත් දසත විදා ශූන්ය වූ ද අනන්ත වූ ද සසර සිසාරා දිගින් දිගටම පියඹමින්, අවිච්ඡින්න ඝෝර සසරෙහි සරණ සියළුම සත්ත්වයන්ගේ අචින්තෙය්ය වූ නිර්වාණාවබෝධය උදෙසා පැවතීම උතුම්ම බෝධිසත්ත්ව චර්යයාවයි. අදරැති දියණියනි, ඒ ඔබට මට අප සැමට විවෘතය.
පද පෙළ:
අකටු වකුටු - ස්වභාවයෙන්ම වක්වූ
අවිච්ඡින්න - නොකඩවා පවතින - අඛණ්ඩ
අචින්තෙය්ය - සිතින් සිතා ගැනීමට
නොහැකි - චින්තනයෙන් මිදුණු
ඈ - ආදී
ඝෝර - භයානක - රෞද්ර - බිය උපදවන
තුටු තටු - සන්තෘෂ්ටිය නැමති
පියාපත්
ප්රහාණය - දුරු කිරීම - නැසීම
මහරු - මහාර්ඝ - මහා අර්ඝ - ඉතා අගනා
මුදු මුහුළස - කැරැළි කොණ්ඩය (Curly hair)
මිසදිටු - මිථ්යා දෘෂ්ටීන්
සදිටු - යහපත් දෘෂ්ටීන්
සම්දිටු - සම්යයක් දෘෂ්ටිය
සියැළු දිටු - සියළුම දෘෂ්ටීන්



Comments
Post a Comment