ටිකිරි මැණිකේ වෙත ආදරයෙන් ලියමි, ( i කොටස )

ටිකිරි මැණිකේ වෙත ආදරයෙන් ලියමි, ( i කොටස )

කළුබෝලයා ගාලු ගියේ නෑ
කැසඹෑවා දියඹට ගියා
දැන් දියඹෙ, හරිම පාළුයි . .
සුපුරුදු දියඹ, සුපුරුදු පාළුව
ඒ එකම කැසබෑ සිහිනයෙන්
මිදුනා කියලද හිතන්නේ ?

නැහැ, ඒ සිහිනයේ තව තවත් ගැඹුරටම ගිලුනා
පතුලක් දකින්න නෑ
දියඹෙදි වගෙමයි
දියඹෙ දිය ගැඹුරුයි, අඳුරුයි
තුෂ්ණීම්භූතයි
ඒ වගෙම මහ ගුප්තයි

මට හරි බයයි, මයෙ ටිකිරි මැණිකේ . .

ඉර එළිය පෙනෙන්නෙත් බොහොම ඈතින්
ඒත් කලාතුරකින්
හරියටම ටිකිරි මැණිකේ ඈතින් ඉඳන්
මගෙ දිහා හොරෙන් බැලුවාම වගෙයි

(නෑ ඔයා එහෙම බලනවා මම දැකලා නැහැ. එහෙම කියන්නම්. නැතිනම් මයෙ ටිකිරි මැණිකෙට ලජ්ජා හිතෙයි)

කැසඹෑවට මුණගැසුනේ නැහැ වලාකුළක්
කළණ මිතු දමෙන් බැඳි සුපසන් සොබමත් වලාකුළක්
කාලිදාසට වගේ
පණිවිඩයක් යවන්න
මේඝදූතයක් ලියන්න
ශෝකය ප්‍රහර්ෂයට නඟන්න

යළි යළිත් ඒ ගැන උදන් අනන්න


ඒත් එහෙමයි කියලා කොහොමද ?

පටන් ගත්තා මේ Blog එක 
Turtle’s trodden - කැසබෑ වත,  https://turtlestrodden.blogspot.com


මොනවා කොහොම සිද්ධ උනත්
හදවත ගැහෙනකම්, හුස්ම වැටෙනකම්
ජීවිතේ තියෙනකම්
පුළුවන් විදියකට දිගටම
Turtle’s Trodden, ලියනවා 
ඒ මයෙ ටිකිරි මැණිකෙට

(
අනිත් අයත් බැලුවට අහිතක් නෑ)

හැබැයි දැන්
මගේ තතු නම් එන්ට එන්ටම අව පසටමයි
හදවත ගැහෙන්නෙත්,
හුස්ම වැටෙන්නෙත්,
ගොඩක්ම හෙමින් . .

තව ටික දවසයි ! 
තව ටික දවසයි !  

මට හිතෙන්නේ  නම් එහෙමයි


ii කොටසට සබඳී . .

Comments

Popular posts from this blog

අනිමිස ලෝචනය - කෘතගුණ සැළකීම - “නියතයි ලබනු නියත විවරණ“ !

අදරැති දියණි දෙටු . . .

“ මරණය තේරුම් නොගෙන, ජීවිතය තේරුම් ගත නොහැකිය - 1 ”