සංසාර බන්ධන
මග මග දිටි එ රන් තුනුවග . . .
නඳ නද වෙණ නද පරදන
මිණි
කිංකිණි හඬය
මද මද නැඟෙන මදහස
මන සනහන සනහසය
සිඳ බිඳ ඔද තෙද
මදමත වඩවන ඇගෙ නෙතු මඬල
මග මග දිටි එ රන් තුනුවග
සසරෙහි
බැඳි සිවුමැලි සවිය
නඳ - සතුට
නද - නාදය, හඬ
මද මද - ටිකෙන් ටික, ක්රම ක්රමයෙන්
මදහස - මද සිනහව, මන්දස්මිතය
මන - මනස
සනහන - සනසන
සනහස - සෙනෙහස, ආදරය
මදමත - ලාලස, මහත් වූ ආශාව, ශෘංගාරය, අනුරාගය, රාගය, කාමාසක්ත බව
මග මග දිටි - ජීවන මග අතර මගදි මුණගැහුනු, ජීවිතය අතරමගදි
හමුවුනු
තුනුවග - සිහින් සිරුරක් ඇත්තී
සිවුමැලි - සියුමැලි, මෘදු, සුකුමාර
සසරෙහි බැඳි සිවුමැලි සවිය - සසරට බැඳ තබන්නාවූ සුකුමාර ශක්තිය
(බලය)

Comments
Post a Comment