හිත ඇතුලෙනෙ හිටියෙ ඔයා

හිත ඇතුලෙනෙ හිටියෙ ඔයා



ඇත්ත තමයි හරි පුදුමයි
ටිකිරි මැණිකෙ නෙතු ලඟමයි

හද නැවතුනා තමයි
මුව ගොළු උනා තමයි
ලොව ගිලිහුනා තමයි
මං අසරණ උනා තමයි

හිත ඇතුලෙනෙ හිටියෙ ඔයා
හිත එක්කනෙ කතා කළේ
හිත එක්කනෙ හිනා උනේ
හිත එක්කනෙ ගමන් ගියේ

හරි පුදුමයි ඇත්ත තමයි
මං ලඟමයි උන්නෙ ඔයා
මං එක්කයි කතා කළේ
මං එක්කයි හිනා උනේ
හිත පතුලෙම උන්නු ඔයා

සඳ එළියයි කිරි සයුරයි
පෙණ පොකුරයි රෑ සිහිලයි
ඉම නොපෙනෙන දිය ගැඹරයි
හිත පතුලේ ඔබ වගෙමයි !

Comments

Popular posts from this blog

අනිමිස ලෝචනය - කෘතගුණ සැළකීම - “නියතයි ලබනු නියත විවරණ“ !

අදරැති දියණි දෙටු . . .

“ මරණය තේරුම් නොගෙන, ජීවිතය තේරුම් ගත නොහැකිය - 1 ”