කැසඹෑ වත (මං සහ මං ගැන) - IV කොටස

IV වන කොටස



සමස්ත මානව සංහතිය වෙත සුවපත් වීමේ සහ සුවවීමේ කලාව කැසඹෑවුනගේ ජීවන චක්‍රයේ විවිධ අවස්ථාවන් ඇසුරින් දායාද කෙරෙන්නේ, ඔවුන් වෙසෙන සාගර ජල කඳ මානව සන්තානයන්හි මුකුලිත විකසිත වන හැඟීම් දැනීම් චිත්තවේග වලට උපමා කරමින්ය. මෙසේ මෙම විකසිත-මුකුලිත හැඟීම් දැනීම් චිත්තවේග නැමති මහ ජල කඳ බොහෝ කාලයක් හෝ දින ගණනාවක් තිස්සේ නිශ්චලව, නිර්මලව, නිකැලැල්ව නොකැළඹී තිබුණත් එක් ඇසිල්ලකින්, නිමේශයකින් ක්‍ෂණයකින් මහා ඕඝයක් බවට පත්ව  දෙරණ දෙදරවමින් ඉමහත් විනම්බෑසියකට පරිවර්තනය විය හැකි නමුත් එය එක් අතෙකින් තම ආත්ම ගවේශනයෙහි දොරඟුළු විවර කරමින් ක්‍රියාත්මක වන පවිත්‍රකාරකයක්ද වෙයි. ඒ කෙසේද යත් මෙම අනපේක්‍ෂිත මහෝඝය කැළඹීම ඔස්සේ, අප විසින් අවිඥානිකව අතහැර දැමුනා වූ හෝ අප තුළ තවදුරටත් නොපවතින්නේ යැයි අප විසින්ම විශ්වාස කෙරුනා හෝ ඇතැම් හැඟීම් දැනීම් චිත්තවේග ඉස්මතු වී ඒ හඳුනා ගැනීමට අවකාශය ලැබෙන බැවිනි. මේ ක්‍රියාවලිය සම්මාවබෝධ කරගැනීම වනාහි, අපරිමිත වූත් පරිපූර්ණ වූත් මනුෂ‍්‍යත්වයේ ආකාර සහ විවිධ හැඩයන් විනිවිද දැකීමට පෙර මං තැනීමක්ම වෙයි. එතුළින්, අවිචින්නව පැවත එන ආකාරයක්, හැඩයක් හෝ කිසිවක් හෝ කිසිවෙක් නොමැති බව ස්ව-ප්‍රත්‍යක්‍ෂ වේ. මක් නිසාද යත්, මම ඔබ සහ අප යනුවෙන් ඔබ විසින් මා විසින් හා අප විසින් හඳුනා ගැනීමකට ලක්කෙරෙන යථෝක්ත ක්‍රියාවලීන් තුළ මම ඔබ සහ අප යන සම්මුතීන් තුළම පිහිටා මම ඔබ සහ අප තුළ දැල්වී නිවී යන හැඟීම් දැනීම් සහ චිත්තවේග විටෙක සුභ යැයිද සුඛ යැයිද විටෙක අසුබ යැයිද දුක යැයිද සමෝධානය කෙරෙමින් උපද්දවා ගන්නා මනෝභාවයන් කෙළෙසුන් ප්‍රහීන කරමින් (පුණ්‍ය පාප පහීනස්ස) උපේක්‍ෂාව ක්‍ෂාන්තිය සමාදානය වඩවා සමාපත්ති සුවයෙන් යුතුව බැලීමට නොව දැකීමට ඉඩ හසර ලබෙන බැවිනි. එනම් මමය මගේය යන සක්කාය දිට්ඨිය තුරන් කිරීමට අවකාශ ලැබෙන බැවිනි. 
- පළමු වෙළුම නිමියේය -

Comments

Popular posts from this blog

අනිමිස ලෝචනය - කෘතගුණ සැළකීම - “නියතයි ලබනු නියත විවරණ“ !

අදරැති දියණි දෙටු . . .

“ මරණය තේරුම් නොගෙන, ජීවිතය තේරුම් ගත නොහැකිය - 1 ”