කැසඹෑ වත - I කොටස
කැසඹෑ වත
(මං සහ මං ගැන)
(මං සහ මං ගැන)
I වන කොටස
නව ඇරඹුම් මෙන්ම අවසානයන්ද,
හමාර කිරීම් මෙන්ම නව ප්රවේශයන් ද
කැසඹෑවෙකු විසින් සංකේතවත් කරනු ලබයි. සැබැවින්ම
යමක නව ඇරඹුමක් සඳහා වන මුලපිරීම ලබන්නේ තවත් යමක නිමවීමෙනි.
මෙම නිමාව නැතහොත් අවසානය, බාහිර
සිදුවීමක් හෝ අප තුළම ඇතිවන වෙනස් කමක් හෝ විපර්යාසයක් හෝ විය හැක. යමක නිමාව අප
හද සන්තානයන්හි අපරිමිත වූ වේදනාවන් ජනිත කළද,
බොහෝ කල් ජීවත් වූ හෙයින්ම ඥානවන්තභාවය සහ
සපිරි අත්දැකීම් සහජයෙන්ම උරුම කරගත්තාවූ කැසඹෑවෙකු සතු නිසග ප්රතිභාව කියාපාන්නේ
එය, අප ජීවිත තුළ
උත්පාදනය වීමට අවැසි අභිනව ආරම්මණයන් උදෙසා ඉඩහසර ලබා දෙමින් ක්රියාත්මක වූ
සුභදායි නික්මයාමක්, සමුගැනීමක් ලෙසය. සිදුවූ දේ හෝ වෙනස,
විපර්යාසය අතහැර දමා,
ඉන් අප ලැබූ අත්දැකීම,
ප්රතිභාව,
අන්තර්ඥානය පිළිබඳව ප්රීතිමත්ව, නව වෙරළ-ඉමක් වෙත සිය
සිත යොමුකොට ඒ වෙත අනවරතව ගමන් ගන්නේ කෙසේදැයි කැසඹෑවෙකුගෙන් මනාකොට උගෙනීමට
පුළුවන. කැසඹෑ
සිතිවිලි සහිත මිනිසුන් (කැසඹෑ-මිනිසුන්)
හැමවිටම සිතන්නේ ඔවුනගේ මුළු මහත් දිවියම
යනු නිමා නොවන නිමාවන් සහ ඇරඹුම්වල මාහැඟි මුසුවක් බවය.
දියරළ උස් පහත් වෙමින්, වෙනස් වෙමින්, නිසල වෙමින්
වරෙක චණ්ඩ වෙමින් ඔවුන්ව රැගෙන යන්නාවූ මගම ඔවුනගේ දිවි මග සරිකරවන බවය. කැසඹෑමිනිසුනට
තමනගේ හිස මත රැඳි - හද තුළ බැඳි, මතක බර පොදිය විනා තමනටම කියා
යමක් පවතින බව කිසිදා නොහැඟුණු බව සත්යයක්මය.
මමද කැසැඹෑ මිනිසෙක්මි.
(මතු සබඳී . .)

Comments
Post a Comment