නිවීම , සැනහීම - නිවා සැනහීම
කඩුපුල් මලක් . .
නළල්තල අඬ සඳට - හැඬැති තරු කැට පෙළක්
කොපුල්තල දිගු නයන - මත පිසිණු වත්සුනු
සුඟක්
ගෙල මතට පළඳන්න - පිපුණු මල් දම්
සතක්
නුඹ මිසක මට වෙත්ද - සුවඳ දුන් කඩුපුල්
මලක්
ටිකිරි ලැම හස මලවි කරලිය සැඟව ගත්තෙන්
නොදැක දඟකම් මෙලෙස මගෙ පණ මිලින වෙද්දෙන්
අසුරු සැණයක් ඉඟ
නෙරිය දුටුයෙන්
තඹරු විල ඔබෙ මමම වනනෙම්
පිපුණු පියුමකි සුවඳ විසිරෙන - නැවුම් මධුවිත නිතොර වැගිරෙත
කැකුළු මල් පෙති වලින් වටකර - වසාරොද අග මල් කෙමිය වැජඹෙත
බලා රසතැන් සැණින් සිපගමි - තලා මල් පෙති තදින් රොන්ගමි
වෙලා තුනුවග සොඳින් සතපමි - වහා කිමිදෙමි කිමිද කලතමි
සිහින් කෙඳිරිලි හඬට කන්දෙමි
සෙමින් ඉකිබිඳ හඬන කඳුළැලි
නිවා සනහමි - පෙමින් නහවමි
මමම ඔබ වෙමි - ඔබව සිපගමි
සිඹිමි කෙහෙරැළි සිඹිමි නළලත - සිඹිමි දෙනයන සිඹිමි දෙකොපුල
දෙතොල නා දළු සිඟිති දෙතනද - නග්න දඟයුග ලෙළෙන නිතඹද
තුරුණු නෑඹුල් ළපටි නැබ මම - සිඹිමි මුදුවට නොකර කළබල
නිතොර නොදකින සුමුදු බඩතුර - විගස හැඬවෙන පිපුණු පියුමද
සිඹිමි ගෙලවට සිනිඳු කන්පෙති - සිහින් අතැඟිලි අත්ල පිරිමැද
දිගැටි පා යුග ළදලු දෙපතුල - යළිඳු කියඹුව දෙබැම දේදුනු මෙන්ම නළලත

Comments
Post a Comment