ස්වභාව මාර්ගය
ස්වභාව මාර්ගය
නම් කළ හැකි මාර්ගය
සදාකාලික මාර්ගය නොවේ
නම් කළ හැකි නාම
සදාකාලික නාම නොවේ,
නම් කළ නොහැකි බව
අහසේ හා පොළොවේ ආරම්භය විය.
නම් කළ හැකි බව
සියලු “දේවල්” වල ආරම්භය විය.
(කෙනෙකු තුළ)
ආශාවන් නැති හැම විටම
ඔහුට විශ්වයේ අභ්යන්තරය දැකිය
හැකි වේ,
(කෙනෙකු)
ආශාවන්ගෙන් වෙළී සිටින හැම විටම
ඔහුට දැකිය හැක්කේ විශ්වයේ පිටස්තර
සීමාව පමණි.
ආශාවන් ඇති බව හා නැති බව
එකම මූලයකින් ආරම්භ වුවත්
ඒවාට වෙන වෙනම නම් දී තිබේ.
එකම මූලයක් ඇති නිසා
ඒවාට “මූලාරම්භය” (සම්භවය)
යැයි කියනු ලැබේ,
මූලාරම්භයේ මූලාරම්භය හෙවත්
අභ්යන්තර බව හා පිටස්තර බව යන
දෙකෙහිම
මූලාරම්භය යැයි කියනු ලැබේ.
(ස්වභාවයේ ස්වාභාවයක්- ඩබ්. එම්.
ගුණතිලක/චරිත හේරත්)

Comments
Post a Comment