සම්මාවබෝධය !
අවසන් කෙලෙස් . .
ඔබ නෙතු
ඇත
ම සිත
මත,
සිත
තුළ
එ නෙතු
මසැස
වසා
සතපයි
ම' මනැස
සමථ පත්
එ මනැස
වඩයි
විදසුන්
එ නෙතු
මතම හිඳ
මඟ විවරය
එද ඔබ නෙතු තුළමය
මග ඇවිරෙත
එද ඔබ නෙතු මතමය
අවසන් කෙලෙස් බිඳ
බැඳ ඇත
ඔබ නෙතු යුග තුළ
එ නෙතු යුගම
මඟ වඩවයි ම' මන
අම නිවනටමැ !
දිටිමි සසර
නෙක නෙක්ඛම්මද
ඔබ නෙතු මත
එද එ තුළ මැ
පසක් වියැ
එ අම නිවනමැ !

Comments
Post a Comment