සාපේක්‍ෂ ප්‍රතිවිරෝධතාවල නැගීම

සාපේක්‍ෂ ප්‍රතිවිරෝධතාවල නැගීම




මුළු ලෝකයම සුන්දර යැයි හඳුනා ගත් විට
අසුන්දර යැයි හඳුනා ගැනීමද එයින් සිදුවේ;
මුළු ලෝකයම යහපත් යැයි හඳුනා ගත් විට
අයහපත් යැයි හඳුනා ගැනීමද එයින්ම සිදුවේ.

පැවැත්ම (ඇති බව) සහ
නොපැවැත්ම (නැති බව)
එකිනෙකා නිෂ්පාදනය කරයි;
දුෂ්කර බව සහ පහසු බව
එකිනෙකා සම්පූර්ණ කරයි;
දිග බව සහ කෙට්ටු බව
එකිනෙකා සසඳයි;
ඉහළ බව සහ පහළ බව
එකිනෙකා මැන ගනී;
ශබ්දය සහ ධ්වනිය
එකිනෙකා ගලපා ගනී;
පසු පස සහ ඉදිරි පස
එකිනෙකා අනුගමනය කරයි;
එබැවින්

ප්‍රඥාවන්තයා, කිසිදු කාර්යයක් නොකොට
සියලු වැඩ කර ගනී;
වචනවලින් තොරව ධර්‍මය දේශනා කරයි.
අක්‍රියව සවන්දීම තුළින් ක්‍රියාකාරීත්වයට පත් වේ;
ඔහු ඇති දැඩි කිරීම කරන නමුදු
වන්දියක් බලාපොරොත්තු වන්නේ නැත.
ඒවා ඔහු අතහැර නොයන්නේ
ඔහු ඒවා මත රඳා පවතින්නේ නැති නිසාය.

(ස්වභාවයේ ස්වාභාවයක්- ඩබ්. එම්. ගුණතිලක/චරිත හේරත්)

Comments

Popular posts from this blog

අනිමිස ලෝචනය - කෘතගුණ සැළකීම - “නියතයි ලබනු නියත විවරණ“ !

අදරැති දියණි දෙටු . . .

“ මරණය තේරුම් නොගෙන, ජීවිතය තේරුම් ගත නොහැකිය - 1 ”