රාගය
උත්පල වන්, නෙත් තුළ වන් . .
දෙනෙත’ඟ තුසර පිණි කදුළු බිඳු රැඳි
දිදුලන මුතු-දිමුතු සරි
කෝළ මෙවන්
සසොබන ඇස්
තුන්ලොව මත්
වෙද්ද ඉතින් ?
උත්පල වන්
නෙත් තුළ වන්
උල්පත් වන්
නිති නුරා ගිනී
මත් කළ මන්
සිත්වල හුන්
එ
රති කෙවෙනි
හිත්දල ඇතුන්
රැන්පට කඩා
කුන් නද දෙමින්
මද කිපෙති
(නෙක රෝගයන්ගෙන් තලාපෙළා මඬනාලදුවැ, ආසාදිතැවැ, පීඩිතැවැ, දුබලැවැ, දුක්බරැවැ, මරැඟනන් පෙනිපෙනී තිබියැදීවීයැ පවා හනි හනිකැමැ සිහිගැන්වැනුයේ එ සසොබන දෑස් පමෙණෙක් මෙයැ)
(නෙක රෝගයන්ගෙන් තලාපෙළා මඬනාලදුවැ, ආසාදිතැවැ, පීඩිතැවැ, දුබලැවැ, දුක්බරැවැ, මරැඟනන් පෙනිපෙනී තිබියැදීවීයැ පවා හනි හනිකැමැ සිහිගැන්වැනුයේ එ සසොබන දෑස් පමෙණෙක් මෙයැ)

Comments
Post a Comment