ඔබට නොලියූ මගේම හිතුවිලි - i
ඔබට
නොලියූ මගේම හිතුවිලි - i
මගේ
නිහඬ
බව
මට
ඔබව
අමතකව
ඇති
බවට
සුබ
ලකුණක් යැයි
ඔබ
තුටින්ද...?
නෑ...ඔබට
වැරදීමක්
මේ
මට
ඔබව
මහ
හුඟාක්
ඕනෙම
කරන
දවස්...
ඔබ
නැතුව
ඔබ
එක්ක
අරගල
කරන
දවස්...
ඔය
පපුවෙ
හිස
තියා
දුක
දිය
කරන්නට හිතෙන
දවස්...
හෙන
වැදිච්ච හිතකට
ඕනෙ
වදන්
කුළුගෙඩි නොවන
බව
ඔබ
ඇත්තටම තාමත්
දන්නෙ
නැද්ද...?
හා...ඉතින්
ඔබ
දැන්
අසාවී
මගෙන්
ආදරේ
කියන්නේ
පාලු
මකන
එකටද...?
මගේ
හැම
වැඩේම
නවත්තලා
ඔයාගේ
දුක
අහන
එකටද..?
ඔයා
හිතන්නේ ඔයාට
වගේ
කාබාසිනියා කරන්න
මට
කාලය
තියෙනවා කියන
එකද...?
අනේ...නෑ...
ආදරේ
කියන්නේ ඔය
එක
බම්බුවකටවත් නෙවෙයි
මගේ
හැම
දුකක්
සතුටක් ළඟම
මට
ඔයාව
තිස්පැයේ මතක්
වෙන
එකට...
කොහේ
කොතැනක නිදුකින්
ඉන්නවාදැයි
නිරන්තර හිත
විමසන
එකට...
පුංචිම පුංචි
මතක
ටික
කප්පරක් සෙනෙහසින්
හදවතේ
නිධන්
කර
විඳින
විඳවන
එකට...
කොටින්ම ආදරේ
කියන්නේ
මතක්
කරන්න
තරම්
දෙයක්
නැතුවත්
මට
ඔයාව
අමතක
නොවෙන
කරුමය...
හරි..හරි.. ඉතින්
මේ
කිසිම
දේකට
ඔයා
පලි
නෑ
තමයි
මොකද
මට
වගේ
ඔයාට
පිස්සු නෑනේ...
ඒ
උනාට
කමක්
නෑ...
මම
එකම
එක
දෙයක්
අහන්නද.?
එකම
එක
දවසක්වත්
ඔයා
මට ආදරේ
කලාද...?
(උපුටා ගැනීමක් ඇසුරිනි)
Comments
Post a Comment