ගින්නෙන් උපන් සීතල මතකයට නංවන ගින්නේ උණුහුම
ගින්නෙන් උපන් සීතල මතකයට නංවන ගින්නේ උණුහුම !
මාස ගණනකට කලින් මම දැක්කා ටිකිරි මැණිකගෙ මුහුණු පොතේ රෝහණ විජේවීර සහෝදරයා ගැන සටහනක් තියෙනවා. අපි, ටිකිරි මැණිකයි මමයි කවදාවත්ම දේශපාලනය කතා කරලා නැහැ (කොහොමත් අපි ගොඩක් දේවල් කතා කරලා නැහැ). එයා උනන්දුවක් නැතිබවයි කිව්වෙ. බොරු . .
ගින්නෙන් උපන් සීතල ෆිල්ම් එක බැලුවා. පට්ට ෆිල්ම් එකක් කියලා කියන්න බැරි උනත්, එහෙමට සිනමාරූපිබවක් නැති ඩොකියුමන්ටරියක් වගේ උනත් (හැබැයි කමල්ගෙ slow-motion කතාව ඇතුලෙ නමුත් නළුවෙක් උන්න) , දේශපාලන කියවීමක් තිබුනා නොතිබුනා වගෙ උනත් අවුරුදු 30 ක්ම චිත්තරපටිකාරයෝ මේ ගැන උඩ බලාගෙන හිටියා උනත්, මේක හොඳ උත්සාහයක් (කිව්වට තරහ අවසර - මීට වැඩිය දක්ෂ එකෙක් මේකට අත ගැහුවනම් කියල හිතෙනවා - ධර්මසේන පතිරාජ උන්නැහෙට මේක කොරන්න තිබ්බා), මෙතැනින් අළුත් කතිකාවතකට මුලපිරෙයි කියලා හිතනවා. මේ නැඟිටීමෙ වින්දිතයින්ව ජීවත් වන්නවුන්ට, අතුරුදහන් වූවන්ට, මියැදුනන්ට යම් සාධාරණයක් වීමකට මඟ පෑදුනොත් හොඳයි රජයෙන් වගෙම පක්ෂයෙනුත්. අඩුගානේ රෝහණ විජේවීර සහෝදරයගෙ පවුලෙ අයටවත්. සෝමවංශ අමරසිංහගෙ රුපියල් කෝටියේ කතාවත් මතක් වෙනවා. මං දන්න විදියට නම් ලංකාවෙ ලොකුම පක්ෂ අරමුදලක් තියෙන්නෙ ජ.වි.පෙ. ට
තීරණාත්මකම අවස්ථාවක සන්නද්ධ අංශය විසින් දේශපාලන අංශය ගිලගත්තා එහෙම නැතිනම් සන්නද්ධ අංශය විසින් දේශපාලන අංශය පරිධියට විස්ථාපනය කළා කියන මතය තහවුරු වෙනවද මන්ද
කොහොම උනත් ෆිල්ම් එක බැලුවෙ නැත්නම් බලන්න. මහරගම Amity Lite එකේ තියෙනව. 10.30 am, 01.30pm, 4.30pm, 7.30pm. 71 ඉඳලා 89 වෙනකම් අවු. 28 ක 29 ක අති සංවේදී කාලයක් පැය 2 ½ කට ඔබ්බද්දි වෙලා තියෙන ඇබැද්දි අමතක කරන්න.
ජීවිතේ ප්රථම වතාවට මට මරණ බය දැනුනෙ වයස අවුරුදු 13 දි. එදා අපි නිදාගෙන හිටපු ඇඳ දිහාට ආණ්ඩුවෙ තුවක්කු 4 ක් එල්ල වෙලා තිබුනා. මරණයට වඩා මරණයේ ඇඳුම් ආයිත්තම් භයානක බව අදටත් මතක් වෙනව. අම්මා අත් දෙක දෙපැත්තට දාගෙන අපිව වහගෙන හිටිය. මේ ඉන්නේ මගේ දරුවෝ කියලා කෑගහල කිව්වා මං අහගෙන. තාත්තව අරන් ගියා. නැන්දවත් අරන් ගියා. වයිෆ්ගෙ අම්මට වෙඩි වැදුනා. එයාගෙ ඥාති සහෝදරයො තුන් දෙනෙක්ම අදටත් අතුරුදහන්. තුන් දෙනාම උපාධිදාරී ගුරුවරු. තවම නඩුව යනව මාතර උසාවියේ. සාජන් දැන් පැන්ශන්, පිංසෙන්ඩු වෙවී පස්සෙන් එනවා. අන්තිමටමත් තවමත්වමත් උනුයි අපියි විතරයි. ඔහොම දේවල් තව කොච්චර නම් ඇත්ද සසිරිබර මෙසිරි ලක. මේව මං කාටවත්ම කියල නැහැ. ඒත් ටිකිරි මැණිකෙට නොකිය කොහොමද ?

ඇණුනු කටු වලට උඩින් මස් ලියලලා තිබ්බ මිනිස්සුන්ගෙ හදවත් වල තවමත් තියෙන ඒ ඇණුනු කටු මේ සිනමාරූපය විසින් හොලවලාදාලා තියෙනව, එතකොට හරිම වේදනයි. වේදනාවල් අලුත් වෙලා. ඒ වේදනාවල් අලුත් දෙයක් උගනියි.

Comments
Post a Comment